කොවිඩ් -19න් වසන්ගතය හේතුවෙන් බලපිටිය මූලික රෝහලේ එකේ වාට්ටුව අද (23 ) රාත්රියේ සිට තාවකාලිකව වසා දැමිමට සිදුවූ බව එම රෝහලේ ප්රකාශකයකු කීවේය.
එකේ වාට්ටුවේ සේවය කරන හෙදියකගේ සමීපතමයකු කොවිඩ්-19න් ආසාදිතයකුවීමත් සමගම මේ පියවර ගත් බවද ඔහු කීවේය.
මේ හෙදිය සදහා පී.සී.ආර් පරීක්ෂණයක් පැවැත්වූ බවද ඔහු කීවේය.
එම පරීක්ෂණයේ ප්රතිපල ලැබෙනතෙක් එකේ වාට්ටුවට අලුතින් රෝගීන් අතුලත් කර ගැනීම හා වාට්ටුවේ නේවාසිකව ප්රතිකාර ලබන රෝගීන් බැහැර කිරීම නතර කළ බවත් එමෙන්ම එම වාට්ටුවට සේවා මුරයට සේවකයින් පැමිණීම මෙන්ම එහි සේවය කල සේවකයින් සේවයෙන් මුදා හැරීම තාවකාලිකව නතර කළ බවද ප්රකාශකයා කීවේය.
කරන්දෙණිය - සුසිල් ප්රියන්ත