බලපිටිය මෝදරවත්ත වෙරළ තීරය අද (22 )පස්වරුවේ උඝ්ර මුහුදු කැමට ලක්ව එම වෙරළ තීරය ආසන්නයේ තිබු නිවාස රැසක් මුහුදු බත්වීමේ දැඩි අවදානමක් පැවතියේය.
මේ වෙරළ තිරයේ තිබූ යෝධ ගස්කොලන් මුහුදට පෙරළා දමමින් මහ මුහුද නිවාස ආසන්නයට පැමිණිමත් සමගම එම නිවාස මුහුදුබත්වීමේ අවදානමෙන් මුදවා ගැනීමට බලපිටිය විහාරාධිපති සංගමයේ සභාපති බලපිටියේ ධම්මික හිමියන් ඇතුලු ප්රදේශවාශීහු තාවකාලික ගල් වැටි ඉදිකිරීමේ කාර්ය්යයේ නිරත වූහ .
එමෙන්ම බලපිටිය මෝදරවත්ත වෙරල තීරය ආසන්නයේ ඇති මුහුදු ඛාදනයෙන් මුහුදු බත්වේයයි සැකකල නිවාසවල පදිංචිවූවන් එම නිවාසවලින් ඉවත් කිරීමටද පියවර ගැනිණ.
මින්පෙර කවර කලකවත් මෙවැනි දරුණු මුහුදු කැමක් සිය ප්රදේශයේ නොවූ බව ප්රදේශවාසීහු පවසති.
සිය ප්රදේශයට මේතරම් ලොකු අවදානමක් මහ මුහුදෙන් සිදුවීමට යත්දී පවා ඊට අදාළ බලධාරීන් කිසිවෙකු නොපැමිණි බවද පැවසුහ.
කරන්දෙණිය - සුසිල් ප්රියන්ත