ප්‍රදේශයේ පවතින කොරෝනා වසංගතය තත්ත්වය පාලනය කිරිම සදහා සෞඛ්‍ය අංශවලට සහය විම සදහා හෙට (18) දා සිට ලබන 22 දක්වා දින පහක කාලයක් බලන්ගොඩ නගරයේ ඇති ඖෂධ සල් සහ ටයර් කඩ හැර අනිකුත් සියළු කඩ සාප්පු ඇතුළු ව්‍යපාරික ස්ථාන වසා තැබිම සදහා බලන්ගොඩ වෙළෙඳ සංගමය එක්ව පැවැති සාකච්ඡාවේදි අද (16) දා තිරණය කල බව එහි සභාපති නාගරික මන්ත්‍රී ලාල් ගලප්පතිති මහතා පැවැසිය.
නගරයේ කඩ සාප්පු ඇතුළු ව්‍යපාරික ස්ථාන වසා තැබු විට නගරයට පැමිණෙන ජනතාව සිමා වන අතර කඩ සාප්පු ඇතුළු ව්‍යපාරික ස්ථානවල සේවය කරන සේවක සේවිකාවන්ගේද සෞඛ්‍ය ආරක්ෂාව තහවුරු වන බව එම රැස්වීමේදි සාකච්ඡා වු බව වෙළෙඳ සංගමයේ සභාපතිවරයා කිය.
ඒ සදහා සියළුම සාමාජිකයන් එකඟ වු බවද හෙතෙම වැඩිදුරටත් පැවැසිය.
රාස්සගල සම්ත්