බලන්ගොඩ බුලත්ගම ප්‍රදේශයේ තේ වත්තක තිබි පතුරම් දහ අටක් ඊයේ (01) පස්වරුවේදි සොයාගත් බව බලන්ගොඩ පොලීසිය පවසයි.
බුලත්ගම ප්‍රදේශයේ පුද්ගලයකු තේ වත්තක් එළිපෙහෙළි කිරිමේදි එම තේ වත්තේ පතුරම් කිහිපයක් දැක මේ සම්බන්ධයෙන් බලන්ගොඩ පොලීසිය වෙත දන්වා තිබේ.
එහිදි එම තේ වත්තේ තිබි මෙලෙස පතුරම් දහ අටක් සොයාගත් බව පොලීසිය කියයි.
මේ අතර බලන්ගොඩ සහකාර පොලිස් අධිකාරි දුමිදු සේනානායක සහ බලන්ගොඩ පොලීසියේ වැඩබලන ස්ථානාධිපති රවින්ද්‍ර ජයතිස්ස යන මහත්වරුන්ගේ උපදෙස් පරිදි බලන්ගොඩ පොලීසියේ අපරාධ අංශයේ ස්ථානාධිපති ආර් ආර් .කේ. බණ්ඩාර මහතා ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් විසින් බලන්ගොඩ ගොරක්ගහමඩ ප්‍රදේශයේ නිවාස පරික්ෂා කිරිමේදි ඊයේ (01) පස්වරුවේදි නිවසක තිබි කඩුවක් සමඟ පුද්ගලයකු අත්අඩංගුවට ගත් බව පොලීසිය පවසයි.
එයට අමතරව බලන්ගොඩ කහටපිටිය ප්‍රදේශයේ අලුතින් ඉදිකරන නිවසක් පරික්ෂා කිරිමේදි එහි ටයිල් අල්ලමින් සිටි බේරුවල ප්‍රදේශයේ පදිංචි පුද්ගලයන් දහතුන්දෙනෙකුගෙන් දිර්ඝ ලෙස ප්‍රශ්න කිරිමක් කල බවද පොලීසිය පැවසීය.
මේ දිනවල පිටස්තර ප්‍රදේශවලින් පැමිණ නිවසේ පුද්ගලයන් සේවය කරන්නේ නම් ඒ සම්බන්ධයෙන් පොලීසිය දැනුවත් කරන ලෙසද එම නිවසේ හිමිකරුට පොලිසිය උපදෙස් ලබා දිමක්ද සිදු කෙරිණි.
බලන්ගොඩ - රෝහණ වසන්ත