වැලිසර නිරෝධායන මධ්‍යස්ථානයේ සේවයේ නියුතුව පසුගිය 15වනදා නිවාඩු ලැබ බුලත්සිංහල කුඩලිගම (ඉහල කුඩලිගම) නිවසට ආ නාවික හමුදා සෙබලෙකු මෙලෙස කොරෝනා රෝගය ආසාදනය වී ඇති බව බුලත්සිංහල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලය පවසයි.
බුලත්සිංහල බල ප්‍රදේශයේ වැලිසර නිරෝධායන මධ්‍යස්ථානයේ සේවයේ නියුතුව නාවික හමුදා සෙබළුන් 03දෙනුකු සිටි බවත් පසුගිය 25වනදා බුලත්සිංහල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරින් විසින් රෝගයට අදාල පරික්ෂණ පැවැත්වු අතර බුලත්සිංහල කුඩලිගම පදිංචිව සිටි සෙබලාට රෝගය ආසාදනය වී ඇති බව තහවුරු කරගැනිමේන් පසු කොළඹ IDH රෝහල වෙත ගෙන යාමට 26දා සවස කටයුතු කර ඇති අතර 27වනදා උදෑසන මෙම සෙබලා පදිංචිව සිටි නිවස හා අවට නිවාස විෂබීජහරණය කිරිමට ලක්කෙරිණ.
පසුව මෙම සෙබලා ඉහලකුඩලිගම ප්‍රදේශයේ ආගිය නිවාස හා ඇසුරු කල පුද්ගලයින් සිටින නිවාස 35ක් නිරෝධායනයට ලක්කිරීමට බුලත්සිංහල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරින් කටයුතු කල අතර රෝගි වූ සෙබලාගේ බිරිද සහ දරුවන් දෙදෙනා සුළු රෝගි තත්ත්වයක් පෙන්නුම් කල අතර ඔවුන්ට ප්‍රතිකාර ලබාදීම සදහා නාගොඩ රෝහල වෙත යැවීමට බුලත්සිංහල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කටයුතු කළේය.
ධනුෂ්කා ලංකා නානායක්කාර