බුලත්සිංහල ප්‍රාදේශිය ලේකම් කොට්ඨාසයෙන් පසුගිය 17 දින වාර්තා වූ කොරෝනා ආසාදිතයින් 10 දෙනා සමග මේ වනවිට හමුව ඇති සමස්ත කොරෝනා ආසාදිතයින් ගණන 55 දක්වා ඉහළ ගොස් ඇතැයි බුලත්සිංහල ප්‍රාදේශිය ලේකම් කාර්යාලය ප්‍රකාශ කරයි.
මෙම ආසාදිතයින් 10 දෙනා හමුව ඇත්තේ ගෝවින්න, කොබවක දෙහිගහවල යටගම්පිටිය හල්වතුර බෝතලේගම සහ මීගහකුඹුර ග්‍රාමසේවා වසම් වලිනි.
බල ප්‍රදේශය තුළකොවිඞ් 19 වෛරස ව්‍යාප්තියේ ප්‍රබල බලපෑම දේවමුල්ල ග්රාමසේවාවසමකේන්ද්රකරගත් ගෝවින්න කලාපය මත සිදුවී ඇති අතර එය ක්‍රමයෙන් ඈගල්ඔය කලාපය හා මහගමකලාපය වෙත ද ගමන් කිරීමට යම් ප්‍රවණතාවයක් තිබෙන බව දත්ත විශ්ලේෂණයේදී නිරීක්ෂණය වි ඇත.
මේ සම්බන්ධයෙන් අදහස් දැක්වූ බුලත්සිංහල ප්‍රාදේශිය ලේකම් රංගන ප්‍රසාද් පෙරේරා මෙසේ පැවසිය.
කොව්ඞ් 19 වෛරස ව්‍යාප්තියට සමගාමීව පවුල් ඒකක නිරෝධායනයට ලක් කිරීම 02 දිනආරම්භ කළා. මේ වනවිට පවුල් 420ක් නිරෝධායනයට ලක්කර තිබෙන අතර ඒ සියලූ පවුල්වලට සහනාධාර ලබාදී තිබෙනවා. නිරෝධායනය වන පවුල් ඒකක අතරින් තවදුරටත් රෝගින් හමුවීමට ඇති ඉඩකඩ බැහැර කරන්න බැහැ. දේශපාලන,සෞඛ්‍ය සහආරක්ෂකඅංශ ඇතුළු සියලූ ආයතනවල රාජ්‍ය නිලධාරින් සමග එක්ව තත්වය පාලනය කර ගනිමින් තවදුරටත් කොවිඞ් 19 වෛරස ව්‍යාප්තිය බල ප්‍රදේශය තුළින් නවතා දැමීමට කටයුතු කරමින්සිටිනවා. අනවශ්‍ය ගමන්බිමන් සහ ඒකරාශිවීම් හැකිතාක් අවම කරගනිමින් අත්‍යවශ්‍ය කාර්යයන්හි පමණක් නියැලෙමින් නිවැරදි සෞඛ්‍ය හුරුපුරුදු අනුගමනය කරන්නැයි ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.
අගුරුවාතොට - මංගල එදිරිසිංහ