ශ්‍රී ලංකා දුම්රිය ගමනාගමන පද්ධතියට මෙතෙක් අයත්ව තිබූ 1542 km ට මාතර/ බෙලිඅත්තදුම්රිය මාර්ග පද්ධතිය විවෘත කිරීමත් සමඟ හෙට සිට (08දා) 26.03 km එක්වෙන බව ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා රාජ්‍ය අමාත්‍ය අශෝක් අබේසිංහ මහතා පැවැසීය.
මාතර / බෙලිඅත්ත දුම්රිය මාර්ග පද්ධතිය තුළ දුම්රිය ස්ථාන 04, උපදුම්රිය ස්ථාන 02ක් තිබෙන බවත් නියෝජ්‍ය අමාත්‍යවරයා පැවැසීය.
ලංකාවේ දුම්රිය මාර්ග පද්ධතිය තුළ නිර්මාණය වි තිබෙන දිගම උමං මාර්ගය, දිගම, උසම පාලම මාතර / බෙලිඅත්ත දුම්රිය මාර්ග පද්ධතිය තුළ තිබෙන බවද රාජ්‍ය අමාත්‍යවරයා කීය.
බෙලිඅත්ත දුම්රිය මාර්ගය හම්බන්තොට දක්වා දීර්ඝ කර 2025වන විට කතරගම දක්වා දීර්ඝ කරන බවත් ඔහු සඳහන් කළේය.
විරාජ් බණ්ඩාර