බ්‍රසීලයේ සෞඛ්‍ය අමාත්‍යංශය විසින් ගෙවීගිය පැය 24ක කාලය තුළ නව කොවිඩ්-19 මරණ 381ක් වාර්තා කර ඇති අතර, ඒ සමග රටපුරා මියගිය සමස්ත කොරෝනා රොගීන් සංඛ්‍යාව 132,006දක්වා ඉහළ ගොස් තිබේ.
එසේම එරට සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් නව කොවිඩ්-19 ආසාදිතයන් 15,155ක් වාර්තා කර ඇති අතර, එය රටපුරා සමස්ත ආසාදිත අගය 4,345,610ක් දක්වා නංවා ඇත.
ගෝලීය වශයෙන් නව කොරෝනා වෛරසයෙන් මියගිය පිරිස සම්බන්ධයෙන් බ්‍රසීලය එක්සත් ජනපදයට පමණක් දෙවැනි වෙයි. ජෝන්ස් හොප්කින්ස් විශ්ව විද්‍යාලයට අනුව, සමස්ත ආසාදිත අගය සැලකීමේදී බ්‍රසීලය, එක්සත් ජනපදයට හා ඉන්දියාවට පමණක් පසුපසින් තෙවැනි ස්ථානයේ පසුවෙයි.
කෙසේ වෙතත් පසුගිය සති කිහිපය තුළ බ්‍රසීලයේ කොවිඩ්-19 ආසාදිතයන්ගේ වාර්තාවීම බොහෝ සෙයින් අඩුවූ අතර, මරණ සංඛ්‍යාවේද සැලකිය යුතු අඩුවක් පෙනෙයි. අවසන් මොහොතේ හෝ බ්‍රසීල නායකයා එරට වෛරසය පාලනය කිරීම සඳහා විවිධ උපක්‍රම හා ක්‍රියාමාර්ග ගනිමින් සිටින බව විදෙස් වාර්තා පෙන්වා දෙයි.