බ්‍රසීලයේ සෞඛ්‍ය අමාත්‍යංශය විසින් ගෙවීගිය දිනයේ නව කොවිඩ්-19 ආසාදිතයන් 51,194ක් සහ වෛරස් ආශ්රිත මරණ 907ක් වාර්තා කර තිබේ.
ඒ සමග රටේ සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව 4,092,832ක් දක්වා වැඩිවී ඇති අතර, වෛරසයෙන් මියගිය සංඛ්‍යාව දැන් 125,521ක් දක්වා ඉහළ ගොස් තිබේ.
ජෝන්ස් හොප්කින්ස් විශ්ව විද්‍යාලයේ දත්ත වලට අනුව, ලොව දෙවැනි වැඩිම නව කොරෝනා වෛරස ආසාදන හා මරණ සංඛ්‍යාව බ්‍රසීලයෙන් වාර්තා වෙයි.
බ්‍රසීලයේ ජනාධිපති ජෙයර් බොල්සොනාරෝගේ වගකීමෙන් තොර ක්‍රියාකලාපයන් සහ හැසිරීම් සමස්ත රටම අගාධයකට තල්ලු කර දැමූ බව කියැවෙන අතර, මෙම ආසාදන හා මරණවලට ඔහු වගකිව යුතු බව විපක්ෂ දේශපාලඥයන් චෝදනා කරයි.