බ්‍රසීලයේ කොවිඩ්-19 ආසාදිතයන් සංඛ්‍යාව ගෙවීගිය දිනයේ 43,733ක් වාර්තා කිරීමෙන් පසුව එරට සමස්ත කොරෝනා වෛරස් ආසාදිතයන් සංඛ්‍යාව මිලියන 4ක සිමාව ඉක්මවා ගොස් තිබේ.
ඒ අනුව ජෝන්ස් හොප්කින්ස් විශ්වවිද්‍යාල දත්තවලින් පෙන්නුම් කෙරුණේ අද (04දා) උදෑසන වනවිට එරට සමස්ත කොවිඩ්-19 ආසාදිතයන් සංඛ්‍යාව 4,041,638ක් ලෙසිනි.
එමෙන්ම කොවිඩ්-19 වෛරසයෙන් බ්‍රසීලයේ 125,000කට ආසන්න සංඛ්‍යාවක් මිය ගොස් ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ දත්ත පෙන්වා දෙයි.
ජෝන්ස් හොප්කින්ස් විශ්ව විද්‍යාලය විසින් තබා ඇති සංඛ්‍යාවට අනුව, එක්සත් ජනපදයට පසුපසින් ලෝකයේ ඕනෑම රටකට වඩා දෙවැනි ඉහළම ආසාදන හා මරණ අගයද මෙයයි.
මේ අතර රුසියාවද පසුගියදා ආසාදිතයන් මිලියනයේ සීමාව පසුකළ අතර, අද (04දා) උදෑසන වනවිට එරට සමස්ත ආසාදිත අගය දැක්වුණේ 1,006,923ක් ලෙසිනි. මේ වනවිට රුසියාවේ සමස්ත කොවිඩ්-19 ආසාදිත මරණ සංඛ්‍යාව 17,500ක සීමාවට පැමිණ තිබේ.