කොරෝනා ආසාදිතයන් විශාල පිරිසක් හඳුනාගනු ලැබූ බේරුවල පොලිස් බල ප්‍රදේශයේ රාජකාරි කළ පොලිස් නිලධාරීන් සහ පොලිස් ස්ථානය තුළ රාජකාරි ආවරණය කළ පොලිස් නිලධාරීන් 60 දෙනෙකු සම්බන්ධයෙන් සිදු කර පී සී ආර් පරීක්ෂණ වාර්තා වලට අනුව ඔවුන් කිසිවෙකුත් කොරෝනා ආසාදිතයන් නොවන බව තහවුරු වී ඇතැයි බේරුවල පොලීසිය අද (05) පැවසීය.
බේරුවල චීන කොටුව, පන්නිල ඇතුළු ගම්මාන තුළ මාර්ග බාධක හා ජංගම මුර සංචාර රාජකාරි වල ග්‍රාම නිලධාරී වසම් දහයකට වැඩි ප්‍රමාණයක් ආවරණය කරමින් පොලිස් ස්ථානයට අනුයුක්තව නිලධාරීන් ,නිලධාරිනියන් විශාල පිරිසක් මාස දෙකකට වඩා වැඩි කාලයක් අඛණ්ඩව රාජකාරිවල නිරත වූ අතර එම හේතුන් සැලකිල්ලට ගෙන එම නිලධාරීන් පී සී ආර් පරීක්ෂණය භාජනය කිරීම සෞඛ්‍ය අංශ මැදිහත් ව සිදු කළ අතර එම පරීක්ෂණවලින් තම පොලිස් ස්ථානයේ සියලුම නිලධාරීන් යහපත් සෞඛ්‍ය තත්ත්වයෙන් සිය රාජකාරී සිදුකරන බව බේරුවල පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ලලිත් පද්මකුමාර මහතා පැවසීය.
අලුත්ගම තුසිත කුමාර ද සිල්වා