කොවිඩ්-19 වෛරසය ආසාදනය වූ දෙදෙනෙකු හඳුනාගැනිම හේතුවෙන් බේරුවල දුම්රිය ස්ථානය තාවකාලිකව වසාදැමිමට පියවර ගෙන තිබේ.
කෙසේවෙතත් එම දුම්රිය ස්ථානයේ දුම්රිය නතර කිරිම සිදුවන අතර ප්‍රවේශ පත්‍ර නිකුත්කිරිම හා පරික්ෂාකිරීම ඇතුළු කටයුතු තවකාලිකව අත්හිටුවා ඇති බව දුම්රිය සාමාන්‍යධිකාරී ඩිලන්ත ප්‍රනාන්දු මහතා පවසයි.
විෂබීජහරණ කටයුතුවලින් අනතුරුව බේරුවල දුම්රිය ස්ථානය යළි විවෘත කිරිමට පියවර ගන්නා බවද ඔහු වැඩිදුරටත් පැවසීය.