අලුත්ගම බේරුවල හා පයාගල පොලිස් වසම් තුලදී දෙසැම්බර් 19 ත් 30 අතර කාලය තුලදී අහඹු ලෙස තෝරා ගත් පුද්ගලයන් 1569 දෙනෙකු ක්ෂණික ප්‍රතිදේහ පරීක්ෂණ වලට ලක් කර 51දෙනෙකු ආසාදිත බව තහවුරු කර ගෙන ඇතැයි බේරුවල ප්‍රාදේශීය ලේකම් චතුර මල්රාජ් මහතා හා කොවිඩ් පැතිරීම වැළැක්වීමේ ඒකකයේ පොලිස් නිළධාරීන් කියයි.
මේ අතර දෙසැම්බර් 19 හා 30 අතර කාලය තුළදී සාමාන්‍ය පී.සී.ආර් පරීක්ෂණ සදහා පුද්ගලයන් 7736 දෙනෙකු ලක් කර ඇතැයි ද කීහ.
ප්‍රාදේශීය ලේකම්වරයා පැවසූවේ ගතවූ මාස දෙකයි දින තුනකදී කොරෝනා ආසාදිත සමස්ථ පුද්ගල සංඛ්‍යාව දෙසැම්බර් 31වන දිනට බේරුවල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය තුළ 528ක් වී ඇති බවයි.
අලුත්ගම තුසිත කුමාර ද සිල්වා