“බුරවි“ සුළි කුණාටුව මේ වන විට මන්නාරම සහ පූනරින් අතර වෙරළට ආසන්නයෙන් පවතින අතර එය ක්‍රමයෙන් දිවයිනෙන් ඉවතට ගමන් කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
මේ සමග ඉදිරි පැය කිහිපය තුළ සුළිකුණාටුවේ බලපෑම ක්‍රමයෙන් අඩුවනු ඇතැයි බලාපොරොත්තු වේ.
සුළි කුණාටුව සමග සුළඟේ වේගය පැ.කි.මී 70 - 80 පමණ වන අතර, විටින් විට පැ.කි.මී 90 දක්වා වැඩි විය හැකිය.