බොරලැස්ගමුව නගර සභාවේ සේවකයෙකුහට සිදුකල පී.සී.ආර් පරීක්ෂණ අනුව කෝවිඩ් වෛරසය ආසාදනය වී ඇති බවට සනාථ වීම නිසා ඔහු පැමිණි වරිපනම් ආදායම් අංශය 19 දින වසා දැමීමට පියවර ගෙන ඇතැයි බොරලැස්ගමුව නගර සභාවේ සභාපති දේශබන්දු කේ.ඩී.අරුණ ප්‍රියශාන්ත මහතා කියා සිටී
වේරහැර ප්‍රදේශයේ පදිංචිව සිටින ඔහුගේ මව හදිසියේ මියයාම නිසා දකුණු කොළඹ ශීක්ෂණ රෝහල වෙතින් සිදුකල පී.සී.ආර්. පරීක්ෂණයට අනුව ඇයට කෝවිඩ් වෛරසය ශරීරගතවීම සිදුවී ඇති බවට සනාථ වී ඇති අතර , මෙම සේවකයා රාජකාරියේද නිරතවී සිට ඇති අතර අද දින ආදායම් අංශය වෙත පැමිණ ඇති අතර දීර්ඝ කාලයක් එහි රැදී සිටද ඇත.
ඒ අනුව ඔහුට සීදුකල පී.සී.ආර් පරීක්ෂාවට අනුව ඔහුටද කෝවිඩ් ආසාදිතවී ඇති බවට සනාතවීම නිසා වහාම ක්‍රියාත්මක වන පරිදි අද දින නගර සභා වර්පනම් ආදායම් අංශය තාවකාලිකව වසා දැමීමට කටයුතු කල බවත් සභාපතිවරයා වැඩිදුරටත් පැවසීය
අනතුරුව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු එක්ව එම අංශය හා නගර සභා පරිශ්‍රය විෂබීජානුහරණයටද ලක්කල අතර , (20) දින නැවත විවෘත කිරීමටද අදහස් කරනූ ලබන බවත් සභාපතිවරයා වැඩිදුරටත් පැවසීය .
දෙහිවල එච් එම් ධර්මපාල