බොරලන්ද පොලිස් අභ්‍යාස විද්‍යාලයේ නිරෝධායනය වෙමින් සිටින පොලිස් නිලධාරීන් විසි එක් දෙනකුට කොරෝනා ආසාදනය වී ඇති බවට අද (9දා) ලැබුණු පී. සී. ආර්. පරීක්ෂණවලින් තහවුරු වන බව සෞඛ්‍ය අංශ අනාවරණය කරයි.
බස්නාහිර පළාතේ පොලිස් ස්ථානවල සේවය කරමින් සිටියදී කොරෝනා රෝගීන් ගේ සමීපතම ආශ්‍රිතයින් ලෙස සලකා මෙම නිලධාරින් නිරෝධයන ක්‍රියාවලිය සඳහා යොමු කර තිබුණි.
ඉකුත් 7 දින ද එක් කොරෝනා ආසාදිතයෙකු මෙම පොලිස් අභ්‍යාස විද්‍යාලයෙන් වාර්තා වීමත් සමග බොරලන්ද පොලිස් අභ්‍යාස විද්‍යාලයේ නිරෝධායනය වෙමින් සිටින අනූ එක් දෙනෙකුගෙන් මේ වන විට විසි දෙදෙනෙකුට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බව සෞඛ්‍ය අංශ සඳහන් කරයි. කොරෝනා ආසාදනය වූ පොලිස් නිලධාරීන් කහගොල්ල ප්‍රතිකාර මධ්‍යස්ථානය වෙත රැගෙන ආ බවද සෞඛ්‍ය අංශ පෙන්වා දෙයි.