ජනක අලහප්පෙරුම ලන්ඩනයේ සිට
පුරප්පාඩුව පවතින බ්‍රිතාන්‍යයේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් තනතුර සඳහා දැනට දකුණු කොරියාවේ ශ්‍රී ලංකා තානාපති ධුරය හොබවන මනීෂා ගුණසේකර මහත්මිය පත් කර තිබේ.
ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ උපදෙස් අනුව වෘතීමය රාජතාන්ත්‍රික නිලධාරියෙකු ලන්ඩනයට පත්කළ යුතු යැයි දැඩි ස්ථාවරයක සිටීමේ ප්‍රතිඵලයක් වශයෙන් 2008 වසරින් පසුව ප්‍රථම වතාවට නැවතත් මෙවැනි පත් කිරීමකට විදේශ කටයුතු අමාත්‍යංශය යොමු වූ බව වාර්තා වේ.
මහා බ්‍රිතාන්‍යය රාජතාන්ත්‍රික කටයුතු වලදී යුරෝපයේ ප්‍රධානම වැදගත් කේන්ද්‍රස්ථානයක් වන අතරම දෙරට අතර රාජතාන්ත්‍රික කටයුතු නැවතත් වැඩි දියුණු කර ගැනීමේ අරමුණින් මෙම පත්වීම සිදුකළ බවද දැන ගැනීමට තිබේ.
අවසන් වරට වෘතීමය රාජතාන්ත්‍රික නිලධාරියෙකු මහ කොමසාරිස්වරයෙකු ලෙස ලන්ඩනයේ කටයුතු කළේ 2008 වසරේයි.
ඒ හිටපු විදේශ ලේකම් හා වර්තමානයේ තායිලන්තයේ ශ්‍රී ලංකා තානාපතිධුරය හොබවන ක්ෂේණුකා සෙනෙවිරත්න මහත්මියයි.