බ්‍රිතාන්‍යයේ සමාජ රැස්වීම් උපරිම 6 දෙනෙකුට සීමා කිරීම ඇතුළු නව සීමාවන් සති දෙක තුනකින් අවසන් වීමට ඉඩක් නොමැති බව එරට ප්‍රධාන වෛද්‍ය නිලධාරි ක්‍රිස් විට්ටි පවසයි.
අග්‍රාමාත්‍ය බොරිස් ජොන්සන් සමග එක්ව පැවති ප්රවෘත්ති සාකච්ඡාවකදී ඔහු මේ බව කියා සිටියේය.
"එය මාස ගණනාවක් පැවතිය නොහැකි නමුත්, සති දෙක තුනකින් එය අවසන් කිරීම අපහසු වේවි" විට්ටි පැවසීය.
"මෙය ශ්වසන වෛරසයක් බැවින් දැන් සහ වසන්තය අතර කාලය දුෂ්කර වනු ඇති" ඔහු තවදුරටත් පැවසීය.
ගෙවීගිය සති කිහිපය තුළ බ්‍රිතාන්‍යයේ කොවිඩ්-19 ආසාදනවල ඉහළ යෑමත් සමග මෙම නව නීති හඳුන්වාදීමට පියවර ගනු ලැබීය.