බ්‍රිතාන්‍යයේ නව කොරෝනා වෛරස ආසාදනය පිළිබඳ අධ්‍යයනයකින් හෙළි වී ඇත්තේ සෑම දින 7කට හෝ 8කට වරක් ආසාදන දෙගුණ වන බව,ත් වයස අවුරුදු 65ට අඩු සියලුම වයස් කාණ්ඩවල ධනාත්මක අවස්ථා ඉහළ යමින් පවතින බවත්ය.
අගෝස්තු 22දා සිට සැප්තැම්බර් 7දා දක්වා කාලය තුළ ලන්ඩනයේ ඉම්පීරියල් කොලේජ් සහ ඉප්සෝස් මෝරි විසින් පරීක්ෂාවට ලක් කරනලද ස්වේච්ඡා සේවකයන් 150,000කට අධික සංඛ්‍යාවකගේ අධ්‍යයනයකින් මෙම සොයාගැනීම සිදුවිය.
මේ සමග එරට සෞඛ්‍ය ලේකම් මැට් හැන්කොක් පැවසුවේ වසංගතය අවසන් වී නැති බවත්, වෛරසය වළක්වා ගැනීම සඳහා සෑම කෙනෙකුටම කාර්යභාරයක් ඇති බවත්ය.
එක්සත් රාජධානියේ රජයට උපදෙස් ලබාදෙන හදිසි අවස්ථා සඳහා විද්‍යාත්මක උපදේශක කණ්ඩායම වෙනමම පෙන්වා දී තිබුණේ, වෛරසයේ ප්‍රජනන අනුපාතය දැන් 1.0 ත් 1.2 ත් අතර වන බවය. ඉන් අදහස් කෙරෙන්නේ වෛරසය ඇති ඕනෑම කෙනෙකුට අනෙකාට වඩා ටිකක් වැඩි ආසාදනයක් සිදුවන බවය.