ලංකා විදුලි බල මණ්ඩලය මගින් කැලණි ගඟ හරස් කර ගිනිගත්හේන පොල්පිටිය ප්‍රදේශයේ ඉදි කරමින් පවතින බ්‍රොඩ්ලන්ඩ් ජල විදුලි බලාගාර ව්‍යාපෘතිය හේතුවෙන් අවතැන් වු පවුල් 29 සඳහා වන්දි මුදල් ප්රදානය කිරිම ඊයේ (10) විදුලි බල සහ බලශක්ති අමාත්‍ය රවි කරුණානායක මහතා විසින් සිදු කරනු ලැබීය.
ගිනිගත්හේන පොල්පිටිය සමනලගම ප්‍රදේශයේ බ්‍රොඩ්ලන්ඩ් ජල විදුලි බලාගාර ව්‍යාපෘතිය නිසා අවතැන් වු පවුල් 29කගේ නිවාස සහ ඉඩම් තක්සේරු කිරිමෙන් අනතුරුව බ්‍රොඩ්ලන්ඩ් ජල විදුලි බලාගාර ව්‍යාපෘතිය මගින් රු මිලියන 129ක ප්‍රතිපාදන ලබාදිමට තිරණය කර තිබුණි.
එම මුදල් වලට අදාළ චෙක්පත් අමාත්‍ය රවි කරුණානායක මහතා විසින් ගිනිගත්හේන පොල්පිටිය ප්‍රදේශයේදි බෙදා දෙනු ලැබිය.
මෙම වන්දි මුදල් ප්රදානය කිරිමෙන් අනතුරුව අමාත්‍ය රවි කරුණානායක මහතා මාධ්‍යයට අදහස් දක්වමින් කියා සිටියේ මේ රටේ විදුලි පාරිභෝගිකයන්ට විදුලි කප්පාදුවකින් තොරව අඛණ්ඩව විදුලි බලයලබාදෙන බවයි.
කිසිදු අයුරකින් විදුලි මිලි වැඩි නොකරන බවත්, ඉදිරියේදි මේ රටේ විදුලි අවශ්‍යතාවය සපුරාලිමට මේ රට තුළ තාප විදුලි බලාගාර ඉදි කිරිම සඳහා කැබිනට් අනුමැතිය ලැබි ඇති බවත් පැවසිය.
එම තාප විදුලි බලාගාර කඩිනමින් ආරම්භ කරන බවත්, එක්සත් ජාතික පක්ෂ රජය ජනතාවට පොරොන්දු ඉටු කරන රජයක් බවත්, අමාත්‍යය රවි කරුණානායක මහතා පැවසිය.
කෘත්‍රිම වැසි ඇති කිරිමේ ව්‍යාපෘතිය මේ දිනවල තාවකාලිකව නතර කර ඇති බවත්, ජල පෝෂක ප්‍රදේශවල වලාකුළු ඇති වු විට ඉදිරි දින වලදි එම ව්‍යාපෘතිය යළිත් ක්‍රියාවට නංවන බවත් අමාත්‍යවරයා මාධ්‍යවේදින් හමුවේ වැඩිදුරටත් පැවසිය.