යුද්ධයෙන් ආබාධිත වූ බ්‍රිගේඩියර්වරු සිවු දෙනෙක් අතුළත්ව බ්රිගේඩියවර්වරු පස් දෙනෙක් මේජර් ජනරාල් ධුරයට උසස් කිරීමට ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා කටයුතු කර තිබේ.
ඩී.ජේ.අයි.පී. ගමගේ, එච්.ආර්. වික්‍රමසිංහ, ජේ.ආර්. අම්බෙමොහොට්ටි හා ඩබ්.එච්.එම්. මනතුංග මෙසේ යුද්ධයෙන් ආබාධිතව මේජර් ජනරාල් ධුරයට උසස් වූ හමුදා නිලධාරීහු වෙති.
අගෝස්තු 16 දා සිට බලපැවැත්වෙන පරිදි ඔවුන් මෙසේ මේජර් ජනරාල්ධුරයට උසස්වී ඇති අතර ඩී.ඒ.පී.එන්. දෙමටන්පිටිය අගෝස්තු 18 දා සිට බලපැවැත්වෙන පරිදි මේජර් ජනරාල්ධුරයට උසස් කර ඇත.
මීට අමතරව ලුතිනන් කර්නල්වරු 25 ක් ජුනි 20 දා සිට බලපැවැත්වෙන පරිදි කර්නල් තනතුරට උසස්කිරීමටත් ජනපතිවරයා කටයුතු කර ඇත.
ඩේලිමිරර්