Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
ADA
2024 දෙසැම්බර් මස 13 වන සිකුරාදා
2024 දෙසැම්බර් මස 13 වන සිකුරාදා
බ්‍රිතාන්‍යයේ ප්‍රජා නීතිය හා සාමය කඩවීම පිළිබඳ පනත (Public Order Act) කඩවුයේ යැයි පවසමින් කොටි ඩයස්පෝරාව විසින් එවකට ලන්ඩනයේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලයේ ආරක්ෂක උපදේශක ලෙස සේවය කළ බ්‍රිගේඩියර් ප්රියංකප්රනාන්දුට එරෙහිව ලන්ඩනයේ වෙස්මිනිස්ටර් මහේස්ත්‍රාත් අධිකරණයේ පනවා තිබු නඩුව ඊයේ (ජනවාරි 21දා) නැවත කැඳවීය.
ඒ සම්බන්ධයෙන් ලන්ඩනයේ ශ්‍රී ලංකා මහා කොමසාරිස් කාර්යාලය විසින් නිකුත් කරන ලද මාධ්‍ය නිවේදනයේ සඳහන් වුයේ අදාළ සිද්ධිය වූ අවස්ථාවේ බ්‍රිගේඩියර් ප්‍රියංක ප්‍රනාන්දු රාජතාන්ත්‍රික සේවයේ නියැලුණු නිලධාරියෙක් බැවින් ඔහුට එක්සත් ජාතීන්ගේ වියානා ප්රඥප්තිය යටතේ රාජතාන්ත්‍රික මුක්තිය ඇති බවත් එබැවින් ඔහු කිසිසේත්ම බ්‍රිතාන්‍ය නීතියට යටත් නොවන බැවින් මෙසේ උසාවියකින් නඩු පවරා දඬුවම් ලබා දිය නොහැකි බවයි.
එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වුයේ වර්තමානයේ බ්‍රිගේඩියර් ප්‍රනාන්දු බ්‍රිතාන්‍යයේ ජීවත් නොවන බවත් රාජතාන්ත්‍රික මුක්තිය යටතේ බ්‍රිතාන්‍ය අධිකරණයේ ඔහුට එරෙහිව කිසිම නීතිමය ක්‍රියාදාමයකට ප්‍රතිපාදන නොමැති බවත්ය. මේ පිළිබඳව ශ්‍රී ලංකා රජය විදේශ කටයුතු අමාත්‍යංශය හරහා බ්‍රිතාන්‍යයේ විදේශ හා පොදු රාජ්‍ය මණ්ඩල කටයුතු භාර අමාත්‍යංශය දැනුවත් කළ බවත් එහි සඳහන්ය.
පසුගිය වසරේ පෙබරවාරි 04 දා ශ්‍රී ලංකාවේ 70 වන නිදහස් දිනය වෙනුවෙන් ලන්ඩනයේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලය විසින් පැවැත්වූ උත්සවය කඩා කප්පල් කිරීමේ චේතනාවෙන් එම ගොඩනැගිල්ල ඉදිරියට පැමිණි කොටි හිතවාදී පිරිස් ශ්‍රී ලංකාවට එරෙහි සටන් පාඨ කියමින් හමුදාවන්ට අභූත යුධ අපරාධ චෝදනා එල්ල කරමින් කළහකාරී ලෙස හැසිරෙද්දී බ්‍රිගේඩියර් ප්‍රියංක ප්‍රනාන්දු උත්සව පරිශ්‍රයෙන් පිටතට පැමිණියේ නිදහස් උත්සවයට පැමිණ නිවෙස් කරා යන ශ්‍රී ලාංකිකයින්ට මේ කලහකාරී ලෙස හැසිරෙන පිරිසෙන් වාචික හිරිහැර සිදුවන බව දුටු අවස්ථාවේය. එහිදී බ්‍රිගේඩියර්වරයා විසින් උද්ඝෝෂකයින් වෙත පෑ 'අභිනයක්' මගින් එතැන සිටි දෙමළ තරුණයින් කිහිප දෙනෙකුට මරණ තර්ජන එල්ල කළා යැයි පවසමින් සාක්ෂි කරුවන් දෙදෙනෙකු සමග එක පැමිණිලිකරුවෙකු විසින් පුද්ගලික නඩුවක් ගොනු කරන ලදී. මෙම නඩු විභාගය පසුගිය වසරේ දෙවතාවක් කැඳ වූ අතර මෙවර ඒක පාර්ශිකව නඩුකාරවරයා විසින් තීන්දුව ලබා දුණි.
ඒ අනුව බ්‍රිතාන්‍යයේ සමාජ පොදු නීති පනතේ 4 ඒ සහ 5 වගන්ති උල්ලංඝණය කිරිමේ චෝදනාවට වරදකරු කරමින් වෙස්ට්මිනිස්ටර් අධිකරණය විසින් බ්‍රිගේඩියර් ප්‍රියංකර ප්‍රනාන්දු අත් අඩංගුවට ගැනිමේ නියෝගයක් ලබා දෙමින් බ්‍රිගේඩියර්වරයාව අත්අඩංගුවට ගැනීමට අවශ්‍ය අධිකරණය වරෙන්තු නිකුත් කොට තිබේ. එහෙත් මෙම අධිකරණ නියෝග වලින් බ්‍රිගේඩියර්වරයාට කිසිම හානියක් නොවන බව විදේශ කටයුතු අමාත්‍යංශයත් ලන්ඩනයේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලයේ ආරංචි මාර්ගත් සඳහන් කළේය.
පැමිණිළිකාර පාර්ශවය වෙනුවෙන් Public Interest Law centre නමැති නීති ආධාර ආයතනයේ සෘජු සහය ලැබී තිබේ. මීට අමතරව ලන්ඩනයේ පිහිටි තවත් පුද්ගලික ද්‍රවිඩ නීති කාර්යාල දෙකක සහාය ලැබුණු බවත් එයට සිංහල සම්භයවක් ඇති නීතිඥවරුන් හා බැරිස්ටර්වරයෙකුගේද සහය ලැබුණු බවත් විශ්වාස කටයුතු ආරංචි මාර්ගයකින් දැන ගන්නට ලැබුණි. තවද පැමිණිල්ලේ සහයට සාක්ෂි ලෙස පල්ලියගුරුගේ විනෝද් ප්‍රියන්ත පෙරේරා නැමැත්තෙකුද ඉදිරිපත්ව තිබුණි. අධිකරණ තීන්දුවෙන් පසුව මහේස්ත්‍රාත් සංකීර්ණයෙන් එලියට පැමිණි නීති ආධාර ආයතනය නියෝජනය කර පැමිණි නීතිඥ හෙලන් මොවට් මහතා පැවසුවේ බ්‍රිගේඩියර් ප්‍රියංක ප්‍රනාන්දු උතුරේ අසරණ දෙමළ ජනතාවට ගුවනින් බෝම්බ දමා යුධ අපරාධ චෝදනාද ඇත්තෙකු බවයි. නඩුව විමසන අවස්ථාවේද හෙතෙම මෙම පදනම් විරහිත අභූත ප්‍රකාශය සිදු කරද්දී අධිකරණ ලේකම් එයට මැදිහත්ව සඳහන් කළේ නඩුවට අදාළ කරුණු පමණක් පවසන ලෙසය.
අධිකරණයේ ඒක පාර්ශික නියෝගය ලැබීමෙන් පසුව ලෙන්ඩනයේ නීති විශාරදයින් සඳහන් කළේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලය නිවැරදිව කටයුතු කරමින් බ්‍රිතාන්‍යයේ පවතින නීතිය පිළිබඳව ශ්‍රී ලංකා රජයත් දැනුවත් කර සුදුසු පරිදි කටයුතු කර ඇති බවයි. එහෙත් විවිධ දේශපාලන ධාරාවන්ට සම්බන්ධ සමහර පාර්ශව සඳහන් කලේ ශ්‍රී ලංකා රජය නීති විශාරදයින්ගේ සහය ලබා ගනිමින් මෙයට පෙනී සිටීමට කටයුතු සිදුකෙළ යුතුව තිබුණු බවයි. එහෙත් රාජතාන්ත්‍රික මුක්තියක් තිබෙද්දී එසේ කිරීම අණුවන කමක් බව බොහෝ පිරිසකගේ මතයයි.
ජනක අලහප්පෙරුම ලන්ඩනයේ සිට
popular news
Nandana Tuesday, 22 January 2019 12:02 PM
අපේ කොල්ලෙකුට අත තිබ්බොත් බලාගමු .
Reply : 0 0
Champa Tuesday, 22 January 2019 01:06 PM
අන්තිම para එකෙන් පටන් ගත්තොත්, ශ්‍රී ලංකා රජය මේ නඩුවට පෙනී ඉන්න ඕනේ නැහැ කොහෙත්ම. ඒ මොකොද කිව්වා නම් බ්‍රිතාන්‍ය නීතිය තානාපති නිලධාරීන්ට බලපාන්නේ නැති නිසා. අනිත් එක ප්‍රියංක ලන්ඩනයෙන් ගෙන්න ගන්න කොට ඔහුගේ immunity අයින් කරලා තිබුනේ නැහැ. මේ නඩුව කොහෙත්ම ලංකාවට අදාළ නැහැ. කවුරු හරි කියනව නම් ආණ්ඩුව මේ නඩුවට පෙනී හිටින්න තිබ්බ කියලා ඒ කියන්නේ වියනා ප්රඥප්තිය සහ තානාපති නිලධාරීන්ගේ මුක්තිය සහ වරප්‍රසාද ගැන දන්නේ නැති මිනිස්සු. බ්‍රිතාන්‍ය නීතිය සහ සාමය කඩවීම පනත කැඩුවේ ප්‍රියංක නෙමෙයි, ශ්‍රී ලංකා තානාපති කාර්යාලය ඉදිරිපිට විරෝධයක් කරපු කොටි. ඔවුන්ට තානාපති කාර්යාලය ඉදිරිපිටට එන්න තහනම් කරලා තියෙත්දී ඒක ඉදිරිපිටට ආව. අපේ කොඩියත් බිම දාල පෑගුවා. නමුත් ඒවාට බ්‍රිතාන්‍යය මේ ත්රස්තවාදීන්ට විරුද්ධව action එකක් ගත්තේ නැහැ. කවුද ලන්ඩන් වල ඉන්න අපේ තානාපති? සෑහෙන් කාලෙකට පස්සේ ලන්ඩන් තානාපති කාර්යාලයට කොන්ද පණ තියෙන තානාපති කෙනෙක් පත් වෙලා තියෙනව. අනිවාර්යයෙන්ම අපේ විදේශ සේවයේ කෙනෙක් වෙන්න ඇති. නැත්නම් මීට කලින් පත්කරපු දේශපාලන ගැත්තන් මේ වගේ වෙලාවට සුද්දන්ටයි කොටින්ටයි බයේ ඒ පැත්ත ගන්නවා
Reply : 0 2
Champa Tuesday, 22 January 2019 04:18 PM
Vienna Convention එකෙන් හැම රටකටම reciprocate කරන්න අවස්ථාව ලැබෙනව. අපිත් මේකට reciprocate කරන්න ඕනේ. අපේ හමුදා නිලධාරියාව කොටින්ගේ කීම අහල ආපහු එවන්න කිව්වා නම්, අපිත් British Defence Attache ව නවත්තන්න ඕන. අපේ Defence Attache ට ලන්ඩන් වලට යන්න බැරිනම් British Defence Attache කෙනෙක්ට මෙහෙ එන්නත් බැහැ. ඊළඟට එන මිනිහව එපා කියන ඕනේ. මේක මේ පලි ගැනීමක්වත් එකට එක කිරීමක්වත් නෙමෙයි. මෙහෙම තමයි "රාජ්‍ය තාන්ත්‍රික ක්‍රමයට" අන්ය්නොන්ය සුහදතාවය පෙන්වන්නේ. ඒක සාමාන්‍ය දෙයක්. බටහිර රටක හිටපු එක අප්‍රිකානු රටක තානාපතිවරයෙක් තමන්ගේ නිල වාහනේ නවත්තල ගමනක් ගිහින් එනකොට ඒ වාහනේ වැරදි තැනක නැවැත්තුව කියල එයාගේ තානාපති නිල වාහනේ උස්සන් ගිහින් තිබුන. ඊට පස්සේ ඒ තානාපතිවරයා ඒ ගැන තමන්ගේ රටේ විදේශ අමාත්‍යංශයට පැමිණි කරහම ඒ අප්‍රිකානු රටේ විදේශ අමාත්‍යංශය අර බටහිර රටේ තානාපතියි අනිත් තානාපති නිලධාරියොයි පාරේ වාහන නවත්තන නවත්තන ගානේ උස්සන් ගිහින් "reciprocate" කරලා තිබුන. වැඩේ නවතින්නේ නැතුව දිගටම කෙරෙන කොට අර රට තමන් කරපු වැරැද්දට සමාව ඉල්ලුව. Vienna Convention එක හැම රටකටම එක හා සමාන අයිතීන් දීල තියෙනව.
Reply : 0 1
Bandula. Tuesday, 22 January 2019 05:04 PM
ප්‍රියංක මහත්මයාණෙනි ඔබට අදත් අපේ ජාතියේම උපහාරය. කොටින්ට ඔර්නේවෙලා තියෙන්නේ නැවතත් අපේ රටේ ගැටුමක් ඇති කරන්න, එවන් වෙලාවේ අපේ පාලකයනුත් කොන්දක් ඇතුව ඉන්නවනම් එක අපේ ජාතියට කරන උපහාරයක්.
Reply : 0 1
rocky Wednesday, 23 January 2019 06:39 AM
සුද්දගේ නීතිය අපට හරියන්නේ නැහැ. උන් තවමත් අපට වගේ නීතිය ගැන දැනුමක් නැහැ අපි ඔරිජිනල් සිංහයා ලකුණ දරන මිනිස්සු. මේක අපට අපහාසයක්. අපි එංගලන්තයට විරුද්ධව යුද්ධ ප්‍රකාස කරලා විමල් වීරවංස යටතේ හමුදාවක් පිටත් කොරමු!
Reply : 1 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd