තේ වත්තේ වැඩ කරමින් සිටි වතු කම්කරුවන් පිරිසට එල්ල වු බඹර ප්රහාරයකින් තුවාල ලැබු වතු කම්කරුවන් 14 දෙනෙකු අද (22) දින දික්ඔය මුලික රෝහල වෙත ඇතුලත් කර ඇති බව නොර්වුඩ් පොලීසිය පැවසිය.
නොර්වුඩ් පොලිස් වසමට සෙන් ජොන් ටිලර් තේ වත්තේ වැඩ කරමින් සිටි වතු කම්කරුවන් 10 දෙනෙකු සහ කිවු වතු යායේ වතු කම්කරුවන් 4 දෙනෙකුයි මෙසේ රෝහල් ගත කර ඇත්තේ.
තේ වත්තේ පොහොර දමමින් සිටින අවස්ථාවේ තේ පදුරු මත බැද තිබු බඹර කුඩුවක් ඇවිස්සි බඹරුන් තමන්ට පහර දුන් බවයි බඹර ප්රහාරයෙන් තුවාල ලබා දික්ඔය මුලික රෝහලට ඇතුලත් කර සිටින වතු කම්කරුවන් කියා සිටියේ.
කොවිඩ් 19 වෛසරය පැතිර යාමේ අවදානමත් සමග තේ වතු වල පසුගිය කාලයේ වතු කම්කරුවන් වැඩ නොකල නිසා තේ පදුරු මත විශාල වශයෙන් බඹර කුඩු බැද ඇති බවයි වතු කම්කරුවන් පවසන්නේ.