ඇටම්පිටිය කිංග්රෝස් වතු යායේදී ඊයේ (06දා) සවස බඹර ප්රහාරයකට ලක්වූ පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව ඇතැයි ඇටම්පිටිය පොලීසිය පවසයි.
ඇටම්පිටිය මැදගෙදර ප්රදේශයේ පදිංචිව සිටි ඒ.එම් මිත්රසේන (58) නමැත්තෙකු මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත.
ඇටම්පිටිය කිංග්රෝස් වතුයායේ සේවයේ යෙදී සිටියදී ඔහු මෙම සිද්ධියට මුහුණදී තිබේ.
ඇටම්පිටිය පොලිස් ස්ථානාධිපති ප්රධාන පොලිස් පරීක්ෂක රණසිංහ මහතාගේ උපදෙස් පරිදි එහි නිලධාරීහු පිරිසක් සිද්ධිය පිළිබඳ වැඩිදුර පරීක්ෂණ සිදු කරති.
බදුල්ලේ පාලිත ආරියවංශ