අද උදෑසන 5.45ට පමණ වැල්ලවත්ත පොලිස් වසමේ මුහුදු මාර්ගයේ බීමත්ව රිය පැදවූ අයෙක් විසින් පුද්ගලයන් සිව් දෙනෙකු හප්පා අනතුරට ලක්කර ඇතැයි පොලීසිය පවසයි.
මෙම රියදුරා මුලින්ම යතුරු පැදියක් හප්පා ඇති අතර පසව පදිකයින් තිදෙනෙකුට හප්පා තිබේ.
අනතුරින් තුවාල ලැබූ එක් අයෙක් මියගොස් ඇති අතර අනෙක් තිදෙනාගේ තත්ත්වය බරපතල බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පැවැසීය.
මෙම රියදුරා රාත්‍රී සමාජ ශාලවක සිට පැමිණ බීමත්ව මෝටර් රථය ධාවනය කර තිබේ. වැල්ලවත්ත පොලීසිය සිදුකළ මෙහෙයුමකදී මෙම මෝටර් රථය හා එය පැදවූ පුද්ගලයා පොලිස් අත්අඩංගුවට ගෙන ඇති අතර වාහනයේ ගමන් කළ තවත් අයෙක්ද පොලිස් භාරයට ගෙන තිබේ.