බිමතින් සහ මත්ද්‍රව්‍ය භාවිතා කර රිය පදවන්නන් නීතියේ රැහැනට කොටු කර ගැනිම සඳහා ශ්‍රී ලංකා පොලීසිය විසින් මුළු දිවයිනය ආවරණය වන පරිදි සිදු කෙරෙන මෙහෙයුම් තවදුරටත් ක්‍රියාත්මක බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නි.පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි.
මෙහිදි විශේසයෙන් බිමත් රියදුරන් හදුනා ගැනිම සඳහා ශ්වසන වායු පරික්ෂණ සිදු කෙරෙන අතර මත්පැන් වලට අමතරව මත්ද්‍රව්‍ය භාවිතා කර රිය පදවන්නන් සොයා බැලිම සඳහා සැකකෙරෙන රියදුරන් රුධිර පරික්ෂාවන් සඳහා යොමු කරන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසීය