බීමත්ව බස්රථ ධාවනය කරන රියදුරන් අත්අඩංගුවට ගැනීම සඳහා සිවිල් ඇඳුමින් සැරසුන පොලිස් නිලධාරීන් යොදවන බව පොලිස් මූලස්ථානය සඳහන් කරයි.
මීට අමතරව බීමත්රියදුරන් පරීක්ෂා කරන උපකරණ විසිපන් දහසක් හෙට (09දා) දින ලංකාවේ පොලිස් ස්ථාන වෙත බෙදා දීමට සැලසුම් කර තිබේ.
අලුත් අවුරුදු සමයේදී බීමත් රියදුරන් අත්අඩංගුවට ගැනීමේ මෙහෙයුම් සිදුකිරීම සඳහා අලුතින් මෙම ශ්වසන පරීක්ෂණ උපකරණ ලබාදීමට තීරණය කර ඇත.
මීට අමතරව අදාළ පොලිස් නිලධාරීන් දුරකථනය භාවිත කරමින් රියපැදවීම හා අධික වේගය පිළිබඳ නිරීක්ෂණය කර ළඟම පිහිටි පොලිස් ස්ථානවලටතොරතුරු ලබාදීමට නියමිතය.
අලුත් අවුරුදු සමයේ විශේෂ රථවාහන රාජකාරී කටයුතු සඳහා පොලිස් නිලධාරීන් අටදහසකට අධික ප්රමාණයක් අද සිට යොදවා තිබේ.