බන්ධනාගාරවල පවතින රැකියා පුරප්පාඩු පිරවීම සඳහා පියවර රැසක් ගෙන ඇති බව අධිකරණ අමාත්‍ය ජනාධිපති නීතිඥ අලි සබ්රි මහතා අද (03) පාර්ලිමේන්තුවේ දී පැවසීය.
බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ නිලධාරින්ගේ 40%ක වැටුප් වර්ධකය ලබා නොදීම සම්බන්ධයෙන් විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරි මහතා සහ මනූෂ නානායක්කාර මන්ත්‍රීවරුන් යොමුකළ වාචික ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් අධිකරණ අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.
එක් කොට්ඨාසයකට පමණක් වැඩි කිරීමෙන් අනෙක් ක්ෂේත්රවල ගැටළු සහ වැටුප් විෂමතා ඇති වන බැවින් ඒ සම්බන්ධයෙන් සාකච්ඡා කර තීරණයකට එළඹෙන බවද අමාත්‍යවරයා සඳහන් කළේය