කලුතර බන්ධනාගාරයේ තාප්පය උඩින් ටෙනිස් බෝල වල දමා තහනම් භාණ්ඩ විසි කිරීමට සූදානම්ව සිටිය දී අත්අඩංගුවට ගත් පුද්ගලයන් පහළොස් දෙනා කලුතර අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මෙම මස 28 වෙනිදා දක්වා රිමාන්ඩ් භාරයේ තබන ලෙස ප්‍රධාන මහේස්ත්‍රාත් ගීතා හාල්පන්දෙණිය මහත්මිය නියෝග කලාය.
මෙලෙස රිමාන්ඩ් භාරයට පත් කරන ලද්දේ මල්වත්ත, ජා වත්ත ප්‍රදේශ වල පදිංචිකරුවන් පිරිසකි.
මෙම සැකකරුවන් සමග ජංගම දුරකථන ,චාජර් ,දුම්කොළ ,මත්කුඩු ,සිම්පත් ඇතුළු භාණ්ඩ තොගයක් කලුතර උතුර පොලීසිය මගින් අත්අඩංගුවට ගෙන තිබිණි .
බිමල් ෂ්‍යාමන් ජයසිංහ
