කොවිඩ් වසංගත තත්ත්වය ඉතා ශිඝ්‍රයෙන් ව්‍යාප්ත විම හේතුවෙන් නැවැත දැනුම් දෙන තුරු දිවයින පුරා බන්ධනාගාරගතව සිටින රැඳවියන් හට අමුත්තන් පෙන්විම ක්‍රියාවලිය තවදුරටත් නතර කර ඇති බව බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක බන්ධනාගාර කොමසාරිස් පාලන චන්දන ඒකනායක පවසයි.
පාලනයකින් තොරව කොවිඩ් ව්‍යාප්තිය රට පුරා පැතිරි තිබෙන බැවින් බන්ධනාගාර පද්ධතිය තුළ කොවිඩ් ව්‍යාප්තිය බෝහෝ දුරට ව්‍යාප්තිය පාලනය කරගෙන ඇති බැවින් එය තවදුරටත් එලෙස පවත්වාගෙන යාම සඳහා මෙම තිරණයට එළඹුණු බවත් ඔහු වැඩිදුරටත් පැවසීය