බන්ධනාගාරගතව සිටින රැඳවියන් අවම වශයෙන් 8,000 ක් පමණ කඩිනමින් නිදහස් කිරීමට කටයුතු කරන බව බන්ධනාගාර ප්‍රතිසංස්කරණ හා සිරකරුවන්ගේ පුනරුත්ථාපන අමාත්‍ය ලොහාන් රත්වත්තේ මහතා අධිකරණ අමාත්‍යාංශයේ උපදේශක කාරක සභාවේදි පැවසීය.
වැඩිවෙමින් පවතින සිරකරුවන්ගේ සංඛ්‍යාව සැලකිල්ලට ගනිමින් බන්ධනාගාර තදබදය අවම කිරීම වෙනුවෙන් මෙම පියවර අනුගමනය කරන බව හෙතෙම කීවේය.
මේ වන විට රට පුරා බන්ධනාගාර 28 ක රැඳවියන් 28, 951 ක් සිටින බව පෙන්වා දුන් රාජ්‍ය අමාත්‍යවරයා ඒ අනුව, COVID තත්ත්වය සැලකිල්ලට ගෙන සමාව ලබා දිය හැකි රැඳවියන් නිදහස් කරන ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා උපදෙස් දී ඇති බව ද ප්‍රකාශ කළේය.
සිවු අවුරුදු සමාව ලබාදීම වෙනුවෙන් අධිකරණ අමාත්‍යාංශය කැබිනට් මණ්ඩලයට පත්‍රිකාවක් ඉදිරිපත් කර ඇති අතර, එය අනුමත වුවහොත් දඩුවම් කාලය වසර 20 කට වඩා ගෙවා ඇති සිරකරුවන් නිදහස් වන බවත්, මරණ දඩුවම හිමිවූවන්ගේ දඩුවම් කාලය වසර 20 කට අඩුවන බවත් අමාත්‍යවරයා කීවේය.
සිවු අවුරුදු සමාව ලබාදීම වසර 40 ක් තුළ ක්‍රියාත්මක වී නොමැති බවද හෙතෙම වැඩිදුරටත් කීවේය.
සුළු ඇප මුදල් ගෙවීමට නොහැකිවීම හේතුවෙන් බන්ධනාගාර ගතව සිටින රැඳවියන්ගේ ඇප මුදල් අමාත්‍යාංශය මූලික වී ගෙවා ඔවුන් නිදහස් කිරීමේ වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කිරීමට බලාපොරොත්තු වන බව රාජ්‍ය අමාත්‍යවරයා පැවසීය.