ඊයේ හදුනා ගැනිමේ පෙරට්ටුවක් සඳහා ඉදිරිපත් කර නැවැත දුම්බර බන්ධනාගාරයට යමින් සිටියදි පළා ගිය බන්ධනාගාර රැදවියන් සිවුදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඊයේ මොවුන් රම්බොඩගල්ල මහේස්ත්රාත් අධිකරණය වෙත ඉදිරිපත් කොට යළිත් දුම්බර බන්ධනාගාරයට රැගෙන යමින් සිටියදි වෑවඩ ප්රදේශයේදි මෙලෙස පළා ගොස් තිබෙනවා.
ඒ බන්ධනාගාර බස් රථයේ ආරක්ෂිත අගුල ගලවා බන්ධනාගාර නිලධාරින්ට පහර දිමෙන් අනතුරුවයි.
මේ අවස්ථාවේදි බන්ධනාගාර නිලධාරින් පළා ගිය රැදවියන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති අතර අනෙක් දෙදෙනා අත්අඩංගුවට ගෙන ඇත්තේ මාවතගම පොලීසියේ සහාය ඇතිවයි.