පොල්ගහවෙල බන්දාව ප්‍රදේශයේ තවත් කොරෝනා ආසාදිත පුද්ගලයන් 22 දෙදෙනකු හඳුනාගෙන ඇති බව පොල්ගහවෙල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලය පවසයි.
පසුගියදා බන්දාව අළුත්ගම ප්‍රදේශයේන් හඳුනාගත් කොවිඩ් ආසාදිතයින් 14 දෙනාගේ ආශ්‍රිතයින් ගෙන් සිදු කළ පී.සී.අර්. පරීක්ෂණයේදී මෙම ආසාදිතයින් 22 දෙදෙනා හඳුනාගෙන ඇත'
දැනට පොල්ගහවෙල පොලිස් බල ප්‍රදේශයේ මේ වනවිට හුදෙකලා කර ඇති ප්‍රදේශයෙන් කොවිඩ් ආසාදිතයින් 36 දෙනෙකු ඊයේ (23) දා වන විට වාර්තා වූ බව සෞඛ්‍ය බලධාරීහු පවසන අතර අලුතින් හඳුනාගත් කොවිඩ් ආසාදිතයන්ගේ ආශ්‍රිතන් නිරෝධානය කිරීමට පොල්ගහවෙල මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් කටයුතු කෙරිණි.
අලව්ව අධිකාරි මුදියන්සේ