2018 වර්ෂයේ පැවති අ.පො.ස. (උසස් පෙළ) විභාගයේ කලා අංශයේ ප්‍රතිඵල අනුව දිවයිනේ ප්‍රථම ස්ථානය ජාත්‍යන්තර පාසලක සිසුවියක් දිනා ගැනීම සම්බන්ධයෙන් විවාදයකට පැමිණෙන ලෙස හිටපු අධ්‍යාපන අමාත්‍ය පාර්ලිමේන්තු මන්ත්‍රී බන්ධුල ගුණවර්ධන මහතා ඊයේ (08) සිදු කරන ලද අභියෝගයට අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා අද (09) ප්‍රතිචාර දක්වනු ලැබුවා.
“ඊයෙ බන්දුල ගුණවර්ධන මන්ත්‍රීවරයා අභියෝගයක් කරල තිබුණා, ජාත්‍යන්තර පාසලක ශිෂ්‍යාවකට උසස් පෙළ විභාගයේ ශ්‍රේණියක් ලැබුණම ඒ සම්බන්ධයෙන් විවාදෙකට එන්න කියලා. මම කල්පනා කළා මේ විවාදෙට යනවද නැද්ද කියලා. ගැටලුව තියෙන්නෙ බන්දුල ගුණවර්ධන මන්ත්‍රීවරයා එක්ක විවාදෙකට ගිහිල්ල තර්ක කරලා වැඩක් තියෙනවද කියන එකයි. මොකද එතුමා කියන ඔක්කොම අපි පිළිගන්න ඕන. මේ රටේ ජනතාව පිළිගන්න ඕන. එක කාලෙක එතුමා කිව්වා හතර දෙනෙක්ගෙන් යුත් පවුලකට රුපියල් 2500කින් ජීවත්වෙන්න පුළුවන් කියලා. අපි කවුරු කොහොම නෑ කිව්වත් එතුමා ඒක පිළිගන්නෙ නෑ. එතුමා කියන මතයේ අපි ඔක්කොම ඉන්න ඕන. ඒ වගේම එතුමා තවත් විටෙක කිව්වා පෝර්ට් සිටි ව්‍යාපෘතියට රාජපක්ෂ පාලන සමයෙදි සින්නක්කරව ලංකාවෙ භූමියෙන් කොටසක් ලියල දුන්නෙ නැහැ කියලා.
එතුමා අභියෝග කළා. ඒ වගේ ම මාධ්‍යවේදීන් ඒ සම්බන්ධයෙන් ඒ අභියෝගය භාර අරගෙන ඔප්පු කරලා පෙන්නුවත් එතුමා ඒකත් පිළිගත්තෙ නෑ. ඒ වගේ ම එතුමා පහුගිය ඔක්තෝබර් 26 වැනිදට කලින් විපක්ෂෙ ඉන්නකොට ඩොලර් එක ඉහළ යාම සම්බන්ධයෙන් අපේ ආණ්ඩුවට අභියෝගයක් එල්ල කළා. දැඩි ව විවේචනය කළා. හැබැයි එතුමට බැරිවුණා, ආණ්ඩුව ආවම මේ සම්බන්ධයෙන් ක්‍රියාමාර්ගයක් ගන්න යැයි ඔහු වැඩිදුරටත් පැවසීය.