හලාවත විලත්තව, බෙන්ජී ලිමිටඩ් ඇගලුම් කම්හල ආශ්‍රිතව කල්පිටියේ කොරෝනා පොකුර 15 දක්වා ඉහළ ගොස් ඇතැයි, කල්පිටිය පොලිසිය පවසයි.
මෙම ඇගලුම් සේවිකාවන් කල්පිටියේ සිට එකම බස් රථයකින් ප්‍රවාහනය කළ පිරිසක් හා ඔවුන්ගේ ආශ්‍රිතයන් ය.මෙම කොරෝනා ආශ්‍රිතයින් ජෛවපටල පරීක්ෂණයන් තුනකින් හදුනා ගෙන ඇත.
ඔවුන් මනල් ගුංඩු,ආණවාසල,කන්ද කුලිය, ඊච්චාංකාඩුව, පාලකුඩාව, තලවිල, සෙම්බුකුලිය සහ නොරොච්චෝල යන ප්‍රදේශවල පදිංචි,ඉහත ඇගලුම් කම්හලේ සේවිකාවන් වෙති.
ආසාදිතයින් මේ වන විට දඹදෙණිය කොරෝනා ප්‍රතිකාර මධ්‍යස්ථානය වෙත යොමු කර ඇති අතර ඔවුන්ගේ ආශ්‍රිතයින් නිවෙස් නිරෝධායනයට යොමු කර ඇති බව පොලිසිය පවසයි.
කල්පිටිය කුමාරිකොට්ටච්චි