බදුල්ල නාවික සෙබලුන් දෙදෙනාට කොවිඩ් නෑ
කෝවිඩ් 19 ආසාදිත වූ නාවික හමුදා සෙබළකු හනා ගත් වැලිසර නාවික හමුදා කදවුරේ සිට බදුල්ලට නිවාඩු ලැබ පැමිණ බදුල්ල මහ රෝහලේ කෝවිඩ් 19 ප්‍රතිකාර ඒකකයට ඇතුළත් කළ රිදීමාලියද්ද අලුකැටියාව සහ බදුල්ල කහටරුප්ප ප්‍රදේශයේ නාවික හමුදා සෙබළුන් දෙදෙනාට කෝවිඩ් 19 ආසාදිත වී නැතැයි සිදු කළ පී .සී.ආර්. පරීක්ෂණයේ වාර්ථාවෙන් අනාවරණය වූ බව බදුල්ල මහ රෝහලේ කෝවිඩ් 19 ප්‍රතිකාර ඒකකයේ ජ්‍යෙෂ්ඨ වෛද්‍ය නිලධාරී පාලිත රාජපක්ෂ මහතා ඊයේ (28දා) පැවසීය.
වැලිසර නාවික හමුදා කඳවුරේ නිවාඩු ලබා සිටි නාවික හමුදා සෙබළුන් 31ක් ඉකුත් 22 වන දින නාවික හමුදා බස්රථයකින් වැලිසර සිට බදුල්ල නගරයට රැගෙන ආ අතර ,එහිදී ගිරාදුරුකෝට්ට රත්කිද ප්‍රදේශයේ නාවික හමුදා සෙබළකු කොරෝනා ආසාදිතයකු බවට හදුනා ගනු ලැබිණ .
එම බස්රථයේ ගමන් ගත් මෙම නාවික හමුදා සෙබළුන් දෙදෙනා හදිසියේ රෝගී ලක්ෂණ පෙන්නුම් කරන්නට වූ හෙයින් මෙසේ බදුල්ල මහ රෝහලේ කෝවිඩ් 19 ප්‍රතිකාර ඒකකයට ඇතුළත් කළහ.
ඇල්ල ප්‍රසාද් රුක්මාල්
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
