දුම්රිය ධාවන කටයුතු තාවකාලිකව නවතා දමා තිබූ කොළඹ කොටුවේ සිට බදුල්ල දක්වා දුම්රිය ගමනාගමනය හෙට(29දා) සිට සීමා සහිතව ආරම්භවන බව ශ්‍රී ලංකා දුම්රිය ස්ථානාධිපති සංගමය සඳහන්කරයි.
මේ අනුව කොළඹ කොටුවෙන් උදෑසන05:55 බදුල්ල දක්වාත් හා බදුල්ලෙන් උදෑසන08:30 කොටුව දක්වාත් දුම්රිය දෙකක් දෛනිකව ධාවනය කරන බවත්, එම මාර්ගයේ ගමන් ගන්නා අනෙකුත් දුම්රියන් නුදුරේදීම ධාවනයට එක් කිරීමට මේ වනවිටත් සැලසුම් සකස් කරමින් පවතින බවත් එම සංගමයේ ලේකම් කසුන් චාමර මහතා පැවසීය.
මීට අමතරව පුත්තලම මාර්ගයේ නායයාමට ලක් වූ මුන්දලම හා පාලවි අතර දුම්රිය මාර්ගය මේ වනවිට ධාවන කටයුතු සඳහා සූදානම් කර අවසන් බවත්, මේ අනුව දැනට පුත්තලම දක්වා දුම්රිය ධාවනය කටයුතු අද (28දා) සිට ආරම්භ වූ බවත් ඒ මහතා පවසා සිටියේය.
කෝවිඩ්-19 හේතුවෙන් අගෝස්තු මස 19වැනිදා කොළඹ කොටුවේ සිට බදුල්ල දක්වා දුම්රිය ගමන් නැවැත්වීමට කටයුතු කළ බවත්,සෞඛ්‍ය තත්ත්වයන් යහපත් වීම මත ක්‍රම ක්‍රමයෙන් ඇරඹී දුම්රිය ධාවනය බදුල්ල දක්වා ධාවනයට නොවැම්බර් 08වැනිදා සූදානම් වනවිට අයහපත් කාලගුණය තත්ත්වය මත උඩරට මාර්ගයේ දුම්රිය ගමනාගමනය තාවකාලික නවතා දැමූ බවත් කසුන් චාමර මහතා සඳහන් කළේය.