බදියුදින් ඉදිරිපත් කළ පෙත්සම ප්‍රතික්ෂේප වෙයි
තමන්ව අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතා විසින් ඉදිරිපත් කළ මූලික අයිතිවාසිකම් පෙත්සමක් විභාගයට නොගෙන ප්‍රතික්ෂේප කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දුකර ඇත.
බුවනෙක අලුවිහාරේ, එල්. ටී. බී දෙහිදෙණිය සහ එම්. තුරෙයිරාජා යන මහත්වරුන්ගෙන් සමන්විත ත්‍රිපුද්ගල විනිසුරු මඬුල්ල විසින් මෙම නියෝගය ලබා දී තිබේ.
මෙම පෙත්සම සලකා බැලූ අවස්ථාවේ දී විරෝධතාවක් මතු කළ නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් නෙරීන් පුල්ලේ මහතා පෙන්වා දුන්නේ, පාස්කු ඉරු දින එල්ල කරන ලද ප්‍රහාරය සම්බන්ධයෙන් කරනු ලබන විමර්ශනය සංකීර්ණ විමර්ශනයක් බවත් පෙත්සම්කරු ඉල්ලා සිටින ආකාරයට තහනම් නියෝග නිකුත් කළහොත් පරීක්ෂණ ක්‍රියාදාමය නිසි පරිදි ක්‍රියාත්මක කිරීමට නොහැකි වනු ඇති බවත්ය.
දීර්ඝ ලෙස කරුණු සලකා බැලූ ශ්‍රේෂ්ඨාධිකරණය මෙම පෙත්සම විභාගයට ගැනීමට අවසර දීමට තරම් ප්‍රමාණවත් නීතිමය පදනමක් අනාවරණය නොවන හෙයින් එය ප්‍රතික්ෂේප කිරීමට තීන්දු කර ඇත.

popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

