බදුල්ල හෙද විදුහලේ ශිෂ්‍යාවන් දෙදෙනෙකුට කොවිඩ් 19 ආසාදනය වී ඇතැයි බදුල්ල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලය පවසයි .
ඔවුන් දෙදෙනා (23) දා දියතලාව කහගොල්ල කොවිඩ් ප්‍රතිකාර ඒකයට යොමුකර ඇති අතර ඔවුන් දෙදෙනාගේ ආශ්රීතයන් ලෙස හදුනාගත් තවත් සිසුන් පිරිසක් හෙදවිදුහල තුලදීම ස්වයං නිරෝධායනයට යොමු කළ බවත් සියළු දෙනා පී.සී. ආර් පරීක්ෂණයට යොමු කරන බවත් හෙදවිදුහල් ප්‍රකාශකයෙක් පැවසීය .
පාලිත ආරියවංශ