පාස්කු ඉරිදා දිනය වූ ඉකුත් 21 වනදා කොළඹ කොච්චිකඩේ ශාන්ත අන්තෝනි දේවස්ථානය , මීගමුව කටවපිටිය ශාන්ත සෙබෙස්තියන් දේවස්ථානය හා මඩකළපුවේ සීමන් දේවස්ථානයේ සහ තවත් ස්ථාන තුනක බෝම්බ පිරවීම් සිදුවූ දිනයේ බදුල්ල ශාන්ත මරියා දේවස්ථානය හෝ ශාන්ත මාර්ක් දේවස්ථානය තුළද බෝම්බ පිපිරවීමේ සැලසුමක් තිබි ඇතැයි සැකකරන බවට සැක පහළ වී ඇතැයි ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරියෙක් පැවසීය .
බෝම්බ පිපිරවීම සඳහා පැමිණි බවට සැකකරන තරුණයන් දෙදෙනෙකුගේ දර්ශන එම දේවස්ථාන තුළ ඇති ආරක්ෂක කැමරා පද්ධති තුළ තිබි පොලීසිය විසින් සොයාගෙන තිබේ .
එක පුද්ගලයෙක් ගමන් මල්ල කරේ එල්ලාගෙන පැමිණෙන අයුරු හා අනෙක් පුද්ගලයා විමසිල්ලෙන් බලා සිටින අයුරු එම දර්ශන වල සටහන්ව තිබේ .
එක් දේවස්ථානයකට ගොස් ඉලක්කය වැරදීමනිසා අනෙක් දේවස්ථානයටද යන අයුරු එහි සටහන්ව තිබේ
කොළඹ බෝම්බ පිපිරවීමේ සිද්ධියත් සමගම ක්‍රියාත්මක වු බදුල්ල මූලස්ථාන ප්‍රධාන පොලිස් පරීක්ෂකවරයා මෙම දේවස්ථාන වලට ගොස් පූජාවන් සඳහා පැමිණි ජනයා පිටත්කර හැරීමට පූජකවරුන් දැනුවත් කිරීම නිසා බෝම්බ කරුවන්ගේ ඉලක්කය වැරැදි ගොස් ඇතැයි විශ්වාස කෙරේ .
මෙම සැකකරුවන් හදුනා ගැනීමට සහාය වන්නැයි පොලීසිය ජනතාවගෙන් ඉල්ලා සිටී .
ඌව දිසාව භාරනියෝජ්ය පොලිස්පති ජගත් පළිහක්කාර හා බදුල්ල පොලිස් අධිකාරි සුදත් මාසිංහ යන මහත්වරුන්ගේ උපදෙස් මත බදුල්ල මූලස්ථාන ප්‍රධාන පොලිස් පරීක්ෂක රෝහන වනිගසේකර මහතාගේ මෙහෙයවීමෙන් බදුල්ල පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි .