බදුල්ල මහ රෝහලේ ස්නායු ශල්‍ය විශේෂඥ වෛද්‍ය ප්රසන්නන රත්නායක මහතාට විරෝධය දක්වමින් රජයේ වෛද්‍ය නිළධාරින්ගේ සංගමයේ බදුල්ල ශාඛාව කැඳවා තිබූ වෛද්‍ය වැඩවර්ජනයකට සියළු වෛද්‍යවරු සහබාගිවීම නිසා අද (21) බදුල්ල මහ රෝහලේ හදිසි ප්‍රතිකාර සේවා හැර අනෙක් සියළු ෙවෙද්‍ය සේවා මුළු මනින්ම නතරවිය .
විශේෂඥ වෛද්‍යවරුද මෙයට සහභාගිවීම නිසා විශේෂඥ වෛද්‍ය සායන නතරවීමෙන් සායන සඳහා පැමිණි රෝගීන්ද දැඩි අපහසුතාවයට පත්විය .
මේ වර්ජනය පිළිබදව බදුල්ල මහරෝහලේ අධ්යක්ෂ උපුල් කරුණාරත්න මහතාගෙන් විමසු විට ඔහු පැවසුවේ මෙම වර්ජනය පිළිබදව රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමය විසින් දැනුම් දී ඇති අතර අනෙක් වෛද්‍යවරුද ඊට සහබාගිවි සිටින බවයි .
රෝගීන් , වෛද්‍යවරු හා අනෙකුත් සෞඛ්‍ය කාර්මණ්ඩලද මෙම වෛද්‍යවරයාට විරුද්ධව රෝහල් අධ්යක්ෂවරයාට විවිධ අවස්ථාවන්හි පැමිණිලි කර තිබූ බවත් ඊට නිසි විසදුම් නොලැබීම නිසා මේ නිසා මෙම විශේෂඥ වෛද්‍යවරයාට ස්ථාන මාරුවක් ලබාදී වෙනත් ස්නායු ශල්‍ය විශේෂඥ වෛද්‍යවරයෙක් බදුල්ල මහ රෝහලට පත්කරන ලෙසට සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් ඉල්ලා සිටින බවත් රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමයේ බදුල්ල ශාඛාවේ සභාපති , ඌව පළාත් සම්බන්ධීකාරක වෛද්‍ය පාලිත රාජපක්ෂ මහතා බදුල්ල මහ රෝහලේ දී පැවති මාධ්‍ය හමුවකදී පැවසීය .
පාලිත ආරියවංශ