බදුල්ල මහ රෝහලේ ප්‍රතිකාර සඳහා පැමිණි රෝගීන් තුන්දෙනෙකු කොවිඩ් අසාදිතයන් බව සිදුකරන ලද
පී.සී.ආර් පරීක්ෂණ වලදී අද (30) තහවුරු වී තිබේ .
කාන්තාවන් දෙදෙනෙකු හා සුරාබදු නිලධාරියෙක් මෙසේ ආසාදනය වී තිබේ එක් කාන්තාවක් වකුගඩු (15) වාට්ටුවේ ප්‍රතිකාර ලබමින් සිට තිබේ.
මෙසේ ආසාදනයට ලක්ව ඇත්තේ බදුල්ල බදුලුපිටියේ කාන්තාවන් දෙදෙනෙක් හා බදුල්ල කැප්පිටි පොල පාරේ පදිංචි කරුවෙකි.
බදුල්ල මහරෝහලෙන් ප්‍රතිකාර සඳහා පැමිණි යාචකයෙක් ද දුරුතු පෝය දා (28) ආසාදනයට ලක්ව ඇති බව තහවුරු වීමෙන් පසුව බදුල්ල මුතියංගණ රාජ මහා විහාස්ථානය ඉදරියේ පදික වේදකාවේ සිගමන් යදිමින් සිටියද මහජන සෞඛ්‍ය පරික්ෂකවරු විසින් සිය භාරයට ගෙන ප්‍රතිකාර මධ්‍යස්ථානයකට යවනු ලැබීය.
රෝහල කාර්ය මණ්ඩලයේ අසාදිතයන් හදුනාගැනිමට කටයුතු යොදා තිබේ .