බදුල්ල මහ රෝහලේ පිළිකා වාට්ටුවේ 31 දෙනෙක් අද (5)උදේ ලැබුණ පී.සී.ආර් වාර්තාවලට අනුව කොවිඩ් ආසාදිතයන් බවට හදුනාගෙන තිබේ .
වෛද්‍යවරයෙක් , කාර්යමණ්ඩලයේ දෙදෙනෙක් රෝගින් හා රෝගින් බලාගැනීමට සිටි 29 දෙනෙක් මෙසේ ආසාදිතයන් තිබේ.
මීට පෙර ඉකුත් 2 වනදා මේ වාට්ටුවේ හෙදියක් ආසාදිතයෙන් බවට හදුනාගත් අතර තවත් හෙදියක් හා කනිෂ්ඨ සේවකයන් දෙදෙනෙක් හා රෝගයෙක් අසාදිතයන් බව 4 වනදා හදුනාගනු ලැබීය.
මේ තත්වය මත සිදුකළ පී.සී. ආර් පරික්ෂණ වලදී අද දින අලුතින් 29 දෙනෙක් මේ වාට්ටුවෙන් ආසාදිතයන් බව හදුනාගෙන තිබේ .
පිළිකා වාට්ටුව තාවකාලිකව වසා දැමීමට රෝහල් බලධාරින් පියවර ගෙන තිබේ .
රෝහල් කාර්ය මණ්ඩලයේ ආසාදිතයන් සියලු දෙනා කොවිඩ් මර්දන එන්නත ලබාගෙන සිටි අය බවද දැනගන්නට ඇත.
පාලිත ආරියවංශ