වැලිසර නාවික හමුදා කඳවුරේ නිවාඩු ලබා සිටි හමුදා සෙබලුන් බදුල්ල රැගෙන ආ බස්රථයේ පැමිණි බදුල්ල රිදීපානවත්ත,වීරියපුර ,නඩුකාරකන්ද,ජයගම,හිගුරුගමුව යන ප්‍රදේශ වල පදිංචි නාවික සහ යුදහමුදා සෙබලුන් පස්දෙනෙකු ඔවුනගේ පවුලේ සාමාජිකයන් සමඟ සිය නිවෙස් තුලම ස්වයං නිරෝධනයට අද (24) ලක් කළ බව බදුල්ල මහනගර සභාවේ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් පැවසූහ .
මෙම නාවික සහ යුදහමුදා සෙබලුන් ඉකුත් 22 දින වැලිසර නාවික හමුදා කඳවුරේ නිලධාරීන් නිවාඩු ලබා සිටියදී බදුල්ලට රැගෙන ආ නාවික හමුදා බස්රථයෙන් බදුල්ලට පැමිණ ඇති බව පවසයි .
බදුල්ල ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්යක්ෂ කාර්යාල සහ බදුල්ල මහනගර සභාවේ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් අද (24) බදුල්ල රිදීපානවත්ත ,හිගුරුගමුව ,නඩුකාරකන්ද ,ජයගම ,වීරියපුර ,යන ප්‍රදේශ වල පිහිටි අදාළ නාවික සහ යුදහමුදා සෙබලුන් පදිංචි නිවෙස්වලට ගොස් මෙසේ මොවුන් නිවෙස්වලම ස්වයං නිරෝධනයට ලක් කරනු ලැබිනයි සෞඛ්‍ය අංශයේ නිලධාරියකු පැවසීය .
කෙසේ වෙතත් මෙම නාවික සහ යුදහමුදා සෙබලුන්ට කොරෝනා වෛරසය ශරීර ගත වී ඇද්ද යන සොයා අදාළ පරික්ෂණ කටයුතු සිදු කරන බවද හෙතෙම පැවසීය .
ඇල්ල - ප්‍රසාද් රුක්මාල්