බදුල්ල මහා නගර සභා බල ප්‍රදේශයේ පිහිටි බදුළුපිටියේදි කළ පී.සී.ආර් පරික්ෂණයේදී කොවිඩ් 19 අසාදිතයන් 10 දෙනෙක් හමුවීමෙන් පසු සිදුකරන ලද දෙවන පී සී ආර් පරික්ෂණයේදි තවත් ආසාදිතයන් 10 දෙනෙක් අද (16) හදුනාගත් බව බදුල්ල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලය පවසයි .
ප්‍රදේශවාසීන් 1 90 දෙනෙකුගේ පී.සී. ආර් පරීක්ෂණ මෙදින සිදුකර තිබිණ .
මේ වන විට බදුළුපිටියෙන් දින 5ක් තුළ රෝගීන් 20 දෙනෙකු හමුවී තිබීම නිසා ඔවුන්ගේ ආශ්‍රිතයන් සොයා වැඩිදුර විමර්ශන සිදුකරන බවත් ඉදිරි ක්‍රියාමාර්ග පිළිබදව සාකච්ජා කරමින් සිටින බවත් සෞඛ්‍ය බලධාරිහු පවසති .
පාලිත ආරියවංශ