කොරෝනා වෛරසය ආසාදිත වූ රහස් පොලිස් නිලධාරියකු බදුල්ල මහ අධිකරණයේ නඩු කටයුත්තක් සදහා පැමිණීම නිසාවෙන් අධිකරණයේ සියලු නඩු කටයුතු අද (3)කල්දැමීමට පියවර ගත්හ .
මෙම රහස් පොලිස් නිලධාරියා පීසීආර් පරික්ෂණයට භාජනය කර සිටියදී මෙසේ බදුල්ල මහ අධිකරණයේ නඩු කටයුත්තක් සදහා මීට දින කීපයකට ඉහතදී පැමිණ ඇති බවත් ,පසුව ඔහුගේ පීසීආර් පරික්ෂණ වාර්තාවෙන් මොහුට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවට අනාවරණය වී ඇති බවත් අධිකරණ ප්රකාශයකු සදහන් කළේය .
මොහුගේ ආශ්රීතයන් බව කියන තිදෙනෙකු පීසීආර් පරික්ෂණයට භාජනය කල බවත් ,එම පරික්ෂණ වාර්තා ලැබෙන තෙක් මෙසේ බදුල්ල මහ අධිකරණ කටයුතු නවතා දැමූ බව එම ප්රකාශකයා වැඩිදුරටත් පැවසීය .
ඇල්ල - ප්රසාද් රුක්මල්