කොවිඩ් 19 ව්‍යාප්තිය විධිමත් ලෙස පාලනය කිරීමේ කටයුතු සඳහා මජහන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ට ඌව පළාත් හා බදුල්ල දිස්ත්‍රික් සෞඛ්‍ය බළධාරින්ගේ නිසි සහයෝගයක් නොලැබෙන බවට චොද්නා කරමින් බදුල්ල දිස්ත්‍රික්කයේ සියළුම මහජන සෞඛ්‍ය පරික්ෂකවරු අද (10) ලෙඩ නිවාඩු දමා වැඩ වර්ජනය කර සිටින බව බදුල්ල දිස්ත්‍රික් මහජන සෞඛ්‍ය පරික්ෂකවරුන්ගේ සංගමයේ සභාපති ඩී.එම්.ඒ.ආර්. දිසානායක මහතා පැවසීය .
මේ අනුව දිස්ත්‍රික්කයේ මහජන සෞඛ්‍ය පරික්ෂකවරු 70 දෙනෙක් අද සේවයෙන් ඉවත්ව සිටිති.
“මේ ගැටළු පිළිබදව පැවැති සාකච්චාවලදී ඌව පළාත් ප්‍රධාන ලේකම්තුමා යහපත් ප්‍රතිචාර දැක්වූවත් ඊට පහළට මෙය ක්‍රියාත්මක වෙන්නේ නැහැ .පළාත් සෞඛ්‍ය සේවා අධ්යක්ෂ දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ඒවා හරිහැටි ක්‍රියාත්මක නොකරන නිසා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු ලොකු ගැටළුකට මුහුණ දී තිබෙනවා.”
මෙය වෘත්තිය අයිතිවාසිකම් ඉල්ලන ක්‍රියාමාර්ගයක් නොවන බව අවාධාරණය කළ දිසානායක මහතා කොරෝනා ව්‍යාප්තිය පාලනය කිරීම සහා විධිමත් ක්‍රියාමර්ගයක් බදුල්ල දිස්ත්‍රික්කයේ ක්‍රියාත්මක කිරීම සඳහා සෞඛ්‍ය බලධාරින් ගේ සහයෝගය නොලැබීම නිසා බරපතල ගැටළු මතුව ඇතිබවද පැවසීය .
පාලිත ආරියවංශ