බදුල්ල බදුලුපිටිය ප්‍රදේශයේ අහඹුලෙස සිදු කළ පී.සී.ආර්. පරීක්ෂණ 100කදී කෝවිඩ් 19 ආසාදිත පුද්ගලයන් 10 දෙනෙකු ඊයේ (13දා) හඳුනාගෙන ඔවුන් බිදුනුවැව සහ දියතලාව කහගොල්ල කෝවිඩ් ප්‍රතිකාර ඒකකයට ඇතුළත් කළ බවත් බදුල්ල පරිපාලන මහජන සෞඛ්‍ය පරීක්ෂක පියල් පද්ම මහතා පවසයි.
බදුලුපිටිය ප්‍රදේශයේ පුද්ගලයන් 8ක්, ගල්කන්ද ප්‍රදේශයේ පුද්ගලයකු සහ බදුල්ල නගරයේ දකුණු පටුමග පුද්ගලයකු මෙසේ හඳුනාගත් කෝවිඩ් 19 ආසාදිතයන් බව බදුල්ල පරිපාලන මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයා පැවසීය.
මෙම කෝවිඩ් ආසාදිත අයගේ පළමුපෙල ආශ්රීතයන් හඳුනාගෙන ඔවුන් නිවෙස් වල ස්වයං නිරෝධනයට ලක් කළ බවත් ,ඔවුන්ගේ පීසීආර් පරීක්ෂණ වාර්තා ලබා ගෙන ඉදිරි කටයුතු සිදු කරන බවද පියල් පද්ම මහතා වැඩිදුරටත් සඳහන් කළේය.
ඇල්ල ප්‍රසාද් රුක්මල්