කොළඹ 10 ඩී.ආර්. විජයවර්ධන මාවතේ දැනට ඉදිකෙරෙමින් පවතින මුස්ලිම් ආගමික කටයුතු මා සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුව සඳහා වන ගොඩනැගිල්ල තුළ බුද්ධශාසන, ආගමික කටයුතු හා සංස්කෘතික කටයුතු අමාත්‍යාශය හා ඒ යටතෙ වන දෙපාර්තමේන්තු ස්ථාපිත කිරීමට අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය ලැබී තිබේ.
ඉදිවෙමින් පවතින ගොඩනැගිල්ල මහල් 9කින් සමන්වත වන අතර එම ගොඩනැගිල්ල හා එය පිහිටි ඉඩම බුද්ධශාසන, ආගමික කටයුතු හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශය වෙත පවරා ගැනීමටත් ඉදිකිරීම් අවසන් කිරීමෙන් අනතුරුව අමාත්‍යාංශයේ සියලු ආයතන එම ගොඩනැගිල්ලේ ස්ථාපිත කිරීමට නියමිතය.