බද්දේගම ප්රාදේශීය සභා මන්ත්රීවරයෙක් අත්අඩංගුවට
- 7 02 2021
- 08:36
- {{hitsCtrl.values.hits}} views
- ..
පහරදීමක් සම්බන්ධයෙන් බද්දේගම ප්රාදේශීය සභා මන්ත්රීවරයෙක් අත්අඩංගුවට ගෙන තිබේ.
වඳුරඹ, ලංකා විදුලබල මණ්ඩලයේ විදුලි අධිකාරීවරයාට පහර දී රාජකාරියට බාධා කිරීම හා තවත් පුද්ගලයින් දෙදෙනෙකුට පහරදීම සම්බන්ධයෙන් එම පුද්ගලයාව වඳුරඹ පොලීසිය විසින් ඊයේ (06) දිනයේ දී අත්අඩංගුවට ගෙන ඇත.
අත්අඩංගුවට ගත් ප්රාදේශීය සභා මන්ත්රීවරයාගේ නිවස අසලින් විදුලි රැහැන් ඇදීමේ දී මෙලෙස බාධා කිරීමක් සිදුකර ඇති අතර, ඒ සම්බන්ධයෙන් වඳුරඹ පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.
අත්අඩංගුවට ගත් සැකකරු අද(07) දිනයේ දී ගාල්ල මහෙස්ත්රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.
